පාස්කු ප්‍රහාරය වෙද්දි නැගෙනහිර හමුදා ලොක්කා අරුණ ජයසේකර… බංකු අරන් ටියුෂන් දෙන්න එන්න කිව්වට කිසිවක් කර නෑ…!
පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ නැගෙනහිර යුද හමුදා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේ වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන් කාරියප්පර් පවසයි.
සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන්ගේ කටයුතු පිළිබඳ 2015 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදා 03 වන සන්නද්ධ බුද්ධි බලකායට ඔත්තුකරුවෙකු විසින් ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරන බව ද හෙතෙම පෙන්වා දෙයි.
කෙසේ වුව ද අදාළ බුද්ධි නිලධාරීන් මෙම තොරතුරු සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොමැති බව ද පියවර ගත්තේ නම් පාස්කු ප්‍රහාරය වැළැක්වීමට හැකියාව තිබූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මෙතෙක් ඒ කිසිදු බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව ද ඒ පිටුපස සිටින මහ මොළකරු කවුද යන්න ප්‍රශ්න කරන බව ද නිශාන් කාරියප්පර් සඳහන් කරයි.
පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.
පාස්කු ප්‍රහාරය වෙද්දි නැගෙනහිර හමුදා ලොක්කා අරුණ ජයසේකර… බංකු අරන් ටියුෂන් දෙන්න එන්න කිව්වට කිසිවක් කර නෑ…!
2025-07-24T21:45:00+05:30
Gossip Lanka Hot News






