රෝහිතගේ බෑනා අතුළට…. ජගත්ගේ පුතා එළියට….!
අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි එළැඹෙන අගෝස්තු 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ව්‍යාජ දත්ත ඇතුළත්කර ලියාපදිංචි කරන ලද ජීප් රථ ගනුදෙනුවක්සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අද (24) මතුගම අධිකරණය වෙත භාර විය.
මේ අතර ආන්දෝලනාත්මක මෙම ජීප් රථ ගනුදෙනුවට අදාළවම අත්අඩංගුවට ගෙන සිටි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතාන ඇප මත මුදාහැර තිබේ. ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.
රෝහිතගේ බෑනා අතුළට…. ජගත්ගේ පුතා එළියට….!
2025-07-24T21:47:00+05:30
Gossip Lanka Hot News






