gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැදගත්කම ජනපති කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව අද ඇමතීය.

ඒ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හැම දරුවෙකුටම ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම ආණ්ඩුව විසින් බාර ගන්නා බව එහිදී ජනාධිපතිවරයා පැවසුවේය.

ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව හැදීම බවත් ඉගැන්විය යුත්තේ කුමන විෂයන්ද කියා තෝරා ගැනීම කළ යුත්තේ අධ්‍යාපනඥයන් බවත් හෙතෙම කියා සිටියේය.

දරුවන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර අඩු කළ යුතු බවත් රොබෝවරු වන් දරු පරම්පරාවක් වෙනුවට දරුවෙකුට සජීවී ජීවිතයක් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බවත් සදහන් කලේය.

ආගම, ඉතිහාසය ආදී ඕනෑම දෙයක් ඉගෙන ගනිමින් ඒවායේ පරතෙරට යෑමට නව අධ්‍යාපන ක්‍රමයෙන් ඉඩ ලබා දී තිබෙන බවත් ජනාධිපතිවරයා තව දුරටත් පැවසුවේය.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka