gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ඇමති රාජිත ඉල්ලූ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අල්ලස් කොමිසමට නොතීසි!

කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම හරහා රජයට රුපියල් මිලියන 20 ඉක්මවන මූල්‍ය අලාභයක් සිදු වූ බවට චෝදනා කරමින් කෙරෙන විමර්ශනයට අදාලව අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත තමන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ලබන 18 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසී නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග අද නියෝග කළාය.

සැකකරුවෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කියා සිටියේ ධීවර ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ හිටපු ඇමති රාජිත සේනාරත්න සිවිල් කරුණක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වීමට නියමිත බවය.

කිරින්ඳ ධීවර වරාය සුද්ද පවිත්‍ර කිරීම සම්බන්ධයෙන් වන කරුණක් පාදක කරගෙන මෙම විමර්ශනය සිදු කරන බවත්, වැලි ගොවුවා නෞකාව යොදාගෙන කිරින්ද ධීවර වරාය සුද්ද පවිත්‍ර කිරීමෙන් පසු අදාල විදේශීය සමාගම මුදල් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් පවතීන බවත් නීතිඥවරයා පැවසුවේය.

එසේ සිවිල් කරුණක් පාදක කරගෙන නඩුවක් පවතින කටයුත්තක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිය සේවාදායකයා නිරපරාදේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින හෙයින් අල්ලස් කොමිසමට නොතීසී නිකුත් කරන ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 18 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කළාය.
නඩුව ජූලි 18 වන දින නැවත කැඳවීමට නියමිතය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka