gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද ජයසිංහ තෙල් ගැන දන්නේ නෑ…. තවත් මාස දෙකකට රටේ තෙල් තියෙනවා…! – නලින්දගෙන් මහින්දට රිදෙන්න ටොක්කක්…

රටේ තෙල් සංචිත පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාව ද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස තමන් ද රට හමුවේ නිවැරදි ප්‍රකාශ සිදුකර ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙරට මාස දෙකක් සඳහා තෙල් ගබඩා කිරීමට පහසුකම් නොමැති බවට නි. ඇමති මහින්ද ජයසිංහ සිදුකළ ප්‍රකාශයක් ගැන අද (02) කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යෙව්දීන් ප්‍රශ්න කළ අවස්ථාවේය.

“මම නෙ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. තෙල් ගබඩා කිරීමේ පහසුකම් ගැන දන්නේ තෙල් සංස්ථාව. තෙල් සංස්ථා සභාපතිතුමා මේ ගැන අදහස් ප්‍රකාශ කළා. තෙල් සංස්ථාව භාර ඇමති විදිහට කුමාර ජයකොඩි මේ ගැන ප්‍රකාශයක් කළා. රජයේ මාධ්‍ය ප්‍රකාශක විදිහට මම කීවා. ඔබ විමසන අවස්ථාවේ මාස දෙකහමාරකට ආසන්න තෙල් සංචිත තිබුණා. රටේ ජනතාවට ඒ අවස්ථාවේ තිබුණේ තෙල් ඉවරවේද කියන ප්‍රශ්නය. ජනතාව බූලිවලට බැරල්වලට තෙල් එකතු කරන්න ගත්තා. දැන් ඒක ඉවරයි. අපට තෙල් තිබෙනවා, මාස දෙකකට ආසන්න ප්‍රමාණයක්. ඒ ගැන අපි සහතික වෙනවා.”

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka