gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස් කොමිසමට හොරු පනී.. වටිනා භාණ්ඩ සොරාගෙන යයි..

මෑතකදී ජාතික පොලිස් කොමිෂන් සභාවේ ගිණුම් අංශයේ ගබඩාවෙන් රුපියල් 300,000ක් පමණ වටිනා මුද්‍රණ යන්ත්‍ර ටෝනර් 6ක් සොරාගෙන ඇති බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ ගබඩාව භාරව සිටින ජාතික පොලිස් කොමිෂන් සභාවේ කළමනාකරණ සේවා නිලධාරිනිය විසිනි.

සිද්ධිය වූ දින, පැමිණිලිකාරිය පොලිස් කොමිෂන් සභාව වෙත නැවත පැමිණෙමින් සිටියදී, එළිමහනේ තිබූ කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ ටෝනර් 9ක් සොයාගෙන ඇත. පසුව, මෙම ටෝනර් ගිණුම් අංශය වෙත රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී, ඒවා වෙනත් වර්ග දෙකකට අයත් බවත්, සියල්ල විවෘත කර තිබූ බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

පැමිණිල්ලට අනුව, මැයි 9 වැනි දින ටෝනර් 8ක් ලැබී ඇති අතර, ඉන් එක් ටෝනරයක් පොලිස් කොමිෂන් සභාවේ අභ්‍යන්තර අංශය වෙත නිකුත් කර ඇත.

ජුනි 9 වැනි දින, පොලිස් කොමිෂන් සභාවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරියෙකු විසින් ටෝනර් තිබේදැයි විමසීමෙන් පසු, පැමිණිලිකාරිය ඒවා සොයා බැලීමේදී නොමැති බව දැක තිබේ. අනතුරුව, ඇය ආයතන ප්‍රධානීන් දැනුවත් කර පොලිසියට පැමිණිලි කර ඇත. අස්ථානගත වූ එක් ටෝනරයක මිල රුපියල් 47,200ක් ලෙස සඳහන් වේ.

පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇති අතර, අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සටහන් පරීක්ෂක නිලධාරීන් ද කැඳවා විමර්ශන සිදු කර ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka