gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දඹුල්ලේදී ඊයේ නිමාවුනේ 1XBET තරගයක්?

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දඹුල්ලේ පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා පිල ලැබූ ඇදහිය නොහැකි අන්ත පරාජය පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රයේ විවිධ මත පළවෙමින් පවතී.  අදහස් දැක්වූ ක්‍රිකට් ප්‍රවීණයන් කිහිප දෙනකුම පැවසුවේ මෙම තරගයට නම් කළ කණ්ඩායම හා කාසියේ වාසිය දිනා රාත්‍රි කාලයේ පන්දුව කැපෙන තණතීරුවේ දෙවෙනියට පන්දුවට පහර දීම ප්‍රශ්නාර්ථයට තුඩු දෙන බවයි.

තරගයේ ප්‍රථිපලය ගැන කෝපයෙන් කතා කළ කොළඹ සිට දඹුල්ලටම ගොස් තරගය නැරඹූ ක්‍රිකට් ලෝලියකු පැවසුවේ මෙය

1XBET තරගයක් ලෙස පෙනෙන බවයි.

මේ සඳහා ඔහු පෙන්වා දුන් සැක කටයුතු කරුණු මෙසේය.

1. මුල් තරගයේද අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු පළපුරුදු දිනේෂ් චන්දිමාල් මෙන්ම කමිදු මෙන්ඩිස් බංකුවේ තබා අවිශ්කව නැවත වරක් යෙදවීම.

2. එකම වර්ගයේ ක්‍රීඩකයන් දෙදෙනකු වන දසුන් චානක හා චාමික කරුණාරත්න යන දෙදෙනාම තරගයට යෙදවීම.

3. කාසියේ වාසිය දිනා කැපෙන තණතීරුවක මුලින් පන්දු යැවීම.

4. 150 කට ආසන්න වේගයෙන් පන්දු යවන අයිපීඑල් පන්දු යවන්නන් දෙදෙනකු වන දුෂ්මන්ත චමීර හා මතීෂ පතිරණ බංකුවේ තැබීම.

5. දුනිත් වෙල්ලාලගේ බංකුවේ තබා වැන්ඩසේව ගැස්වීම.

6. ඇතැම් පිතිකරුවන් කඩුලු පූජා කළ ආකාරය.

7. තරගය පරාජය වීමෙන් පසු පුහුණුකරුගෙන් හා ඇතැම් ක්‍රීඩකයන්ගෙන් පිළිබිඹු වූ සැක සහිත ඕනවට වඩා දුක් වූ මුහුණු.

8. තරගය අතර තුර 1XBET ඔට්ටු ගැනීම් වල වරින් වර ඇතිවූ වර්ධනය.

9. එක්දින තරගාවලියේද මේ අයුරින්ම දෙවෙනි තරගය පැරදීම හා තුන්වෙනි තරගයට ඒ අනුව ඔන්ලයින් ඔට්ටු දමන්නන් වැඩි වීම.

මෙම කරුණු ඇත්ත වශයෙන්ම පහසුවෙන් බැහැර කළ නොහැකි අතර ක්‍රිකට් ආයතනයද මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් ක්‍රීඩා අමාත්‍යාංශයද මැදිහත් වීමෙන් කළ යුතු බව බොහෝ දෙනකුගේ අදහස වී තිබේ.

-srilankamirror.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka