ජනපති සහ මාලිමා පින්තූර ගැසූ සුපිරි රිය එළු හරක් ජාවාරමේ…!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් සහ ජාතික ජන බලවේගයේ ලාංඡනය සහිත මෝටර් රථයකින් මස් පිණිස එළුවන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිපැන්න සහ බදුරලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
මතුගම පොලිසියේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් සැකකටයුතු ලෙස ගමන් කරමින් තිබූ මෙම මෝටර් රථය නතර කර පරීක්ෂා කිරීමේදී, එහි පසුපස කොටසේ කකුල් බැඳ දමා මස් පිණිස එළුවෙකු ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අපරාධ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක් තිස්සේ බදුරලිය සහ අවට ප්‍රදේශවලින් ගවයන් හා එළුවන් මස් පිණිස නීති විරෝධී ආකාරයෙන් මෙම මෝටර් රථය උපයෝගී කරගෙන ප්‍රවාහනය කර ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පුද්ගලයා කළුතර නියෝජයනය කරන ආණ්ඩු පක්ෂ ප්‍රබල ඇමතිවරයෙකුගේ සමීපතමයකු බවයි.
-emanisa
ජනපති සහ මාලිමා පින්තූර ගැසූ සුපිරි රිය එළු හරක් ජාවාරමේ…!
2025-07-26T16:38:00+05:30
Gossip Lanka Hot News






