ඩඩ්ලිගේ අරලිය හෝටලේ වැවු රක්‍ෂිතයට අයිති නෑ.. ඉවත් කරන්න වෙන්නේ වැට විතරයි..- ලාල්
පොළොන්නරුව පරාක්‍රම සමුද‍්‍රය ඉහත්තාවේ ඇති අරලිය හෝටලය වැව් රක්‍ෂිතයට අයිති භූමියක ඉදිකර ඇති එකක් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි. නමුත් එම හෝටලයේ ඉදිරිපස වැට ඉදිකර ඇත්තේ වැවු රක්ෂිත ප්‍රදේශයක බවට දැනට තොරතුරු ලැබී ඇති බවද හෙතෙම කියා සිටියේය.
එනිසා ඉවත් කරනවා නම් ඉවත් කිරීමට ඇත්තේ එම හෝටලයේ වැට පමණක් බවද ඒ මහතා පැවසීය.
ඩඩ්ලි සිරිසේන මහතා එම හෝටලය ලබාගෙන ඇත්තේ සංචාරක මණ්ඩලයෙන් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
ඩඩ්ලිගේ අරලිය හෝටලේ වැවු රක්‍ෂිතයට අයිති නෑ.. ඉවත් කරන්න වෙන්නේ වැට විතරයි..- ලාල්
2025-07-26T16:33:00+05:30
Gossip Lanka Hot News






