ජනප්‍රිය ගායන ශිල්පියකු වන භාතිය ජයකොඩි හා ආරක්ෂක අංශවල ඉහළ තනතුරු දැරූ කිහිප දෙනකු ළඟදීම අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් කොමිසම කඩිනම් විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
‘වේරැස් ගඟ ව්‍යාපෘතිය’ සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එම ව්‍යාපෘතියේ මූලික අදියරේ උත්සව කටයුතුවලට වියදම් කර රජයට රුපියල් ලක්ෂ 276ක පාඩුවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිත බවද පැවසේ.
භාතිය විසින් පවත්වාගෙන යන ලද “ෂෝටවුට් එන්ටර්ටේට්මන්ට්” නැමැති ආයතනයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි ලැබී තිබුණත් ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර නොමැති බවද මේවන විට හෙළිව තිබේ.
අදාළ පැමිණිලි යට ගැසීමට හවුල්වූ ආරක්ෂක නිලධාරීන්ට ද එරෙහිව කටයුතු කිරීමට අල්ලස් කොමිසම සූදානම් වන බව වාර්තා වේ.
-srilankamirror