gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එඩිතර ශානි නැවතත් මුල් පුටුවට!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර නැවත පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

ජාතික ජන බලවේගය රජය පත්වීමෙන් පසුව කොන්ත්‍රාත් පදනම මත පොලිස් සේවයට යළි බඳවා ගත් ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

මේ අතර මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටි අතර, ඔහු යළිත් පොලිස් සේවයට කොන්ත්‍රාත් පදනම මත කැඳවා තිබේ.

මේ අනුව, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.

අම්පාවිල මහතාද අතිවිශිෂ්ඨ විමර්ශකයෙක් වන අතර මීට පෙර අම්පාවිල මහතා ශානි අබේසේකර මහතා යටතේ සේවය කර තිබීම විශේෂත්වයක්.

මේ වනවිට ඇතැම් කණ්ඩායම් ශානි අබේසේකර මහතා ජාතික ජනබලවේගය යටතේ දේශපාලන වේදිකාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් විවේචනයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලෙසීමට කටයුතු කරමින් සිටින පසුබිමක අබේසේකර මහතා නැවත රාජකාරි බාරගෙන තිබේ.

කෙසේවෙතත් අබේසේකර මහතා ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකය හරහා දේශපාලන වේදිකාවට ගොඩවූයේ එවකට රාජ්‍යසේවයෙන් විශ්‍රාමික නිළධාරියෙකු වශයෙන් ඔහුට හිමි මූලික මිනිස් අයිතිවාසිකම් මතයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka