රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයේ කොඩිගල කන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුල් වී අතරමංව සිටි පුද්ගලයින් දෙදෙනෙකු මුදාගෙන පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර, රාජාංගනය හා මාතලේ, ලග්ගල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
ඇතුල්වීම තහනම් බව සඳහන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රදර්ශණය කර ඇති දැන්වීම් පුවරුද නොසලකා ඔවුන් පුරාවිද්‍යා නටඹුන් සහිත ප්‍රදේශයෙන් රක්ෂීතයට ඇතුල්වී කොඩිගල කන්ද තරණය කර තිබේ..
වනජීවි නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් නාග ලොවින් පැමිණී සෘෂී වරයකු බවත් භාවනා කටයුතු සඳහා රිටිගලට පැමිණී බවයි.
සෙසු පුද්ගලයා තමන්ගේ ආවතේවකරු බවයි ඔහු පවසා ඇත්තේ.
සැකකරුවන් 35ස් හැවිරිදි වියේ පසුවන බවයි සඳහන්.
මොවුන් සන්තකයේ තිබී ගිණී පෙට්ටි, ලයිටර් හා ඡායාරූප හා වීඩියෝ කැමරාවක්, ඇඳුම් පැළඳුම් කිහිපයක්, හක් ගෙඩියක්, ඇට මාලයක්, කුඩා ප්‍රමාණයේ උඩැක්කියක් ඇතුලු භාණ්ඩ කිහිපයක් වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් කහටගස්දිගිලිය මහේසේත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.