gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසර 99ටම රුපියල් දහදාහයි... රාජපක්ෂවරුන්ගේ බදු දීම් හෙළිවෙයි

අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මහතා පවසා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇති සේවා ප්‍රදේශය වසර 99යක් දක්වා එක්තරා සමාගමකට බදු දී තිබෙන්නේ මසකට රුපියල් දහදහක පමණ කුඩා මුදලක් මත බවයි.

පාර්ලිමේන්තුවේදී රෝහිත අභේගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් ඇසූ අතුරු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ තමන්ගේ පුද්ගලික නිවාස සඳහා ඉතා ආසන්නයේම අන්තර් හුවමාරු කළාපයන් සකස් කර ඇති බවත්, එවැනි එක් පිවිසුමක් සකස්කිරීම සඳහා රුපියල් කෝටි සීයකට වැඩි පිරිවැයක් වැයවන බවත් අමාත්‍යවරයා පැවසීය.

නොයෙක් දේශපාලන බලපෑම් හේතුවෙන් පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් සාදා ඇති මෙවැනි හුවමාරුවක් මාතර ගොඩගම හුවමාරුවට කිලෝමීටර් 5ක් ඈතින් තිබෙනා බවත් කපුදූව නම් එම අන්තර් හුවමාරුවෙන් කොළඹට යෑමට සහ ඒමට පමණක් පහසුකම් සැපයෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන් රණවක නම් පුද්ගලයෙකුගේ අවශ්‍යතාව මත එය සකසා ඇති බවට තොරතුරු පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka