gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැලී නීතිය කඩලා... කොළඹ නගර සභාව උණුසුම්... සභාව කල් තියයි

කොළඹ මහ නගර සභාවේ මංගල මහා සභා රැස්වීම අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන්, නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය විසින් රැස්වීම විනාඩි 10කට කල් තබන ලදී.

න්‍යාය පත්‍රය නිකුත් කිරීමේදී නීතිමය ක්‍රියා පටිපාටි උල්ලංඝනය වී ඇති බවට විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කිරීමත් සමඟ මෙම තත්ත්වය හටගෙන තිබේ.

සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා පෙන්වා දුන්නේ, මහ නගර සභා ආඥා පනතට අනුව මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය දින 4කට පෙර සභිකයන් වෙත යොමු කළ යුතු වුවද, මෙම රැස්වීමේ න්‍යාය පත්‍රය රැස්වීම ආරම්භ වීමට මොහොතකට පෙර ලැබුණු බවයි.

මෙය නීති විරෝධී ක්‍රියාවක් බවට ඔහු නගරාධිපතිනියගෙන් සහ කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කළේය.

ඊට ප්‍රතිචාර ලෙස, නගරාධිපතිනිය සහ නාගරික කොමසාරිස්වරයා පිළිගත්තේ මෙය වැරැද්දක් බවත්, ඉදිරියේදී එවැනි දෝෂ වළක්වා ගැනීමට වගබලා ගන්නා බවත්ය.

කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී නැගී සිටිමින් අවධාරණය කළේ, මෙවැනි නීති විරෝධී න්‍යාය පත්‍රයක් මත ස්ථාවර කාරක සභා පත් කළහොත් එම සභා ද නීති විරෝධී වන බවයි. එබැවින්, ඔහු යෝජනා කළේ සභාව කල් තබා වෙනත් දිනයක කැඳවන ලෙසයි.

නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර මහතා ප්‍රකාශ කළේ, සභාව විනාඩි දහයක් හෝ පහළොවක් කල් තබා නැවත ආරම්භ කළ හැකි බවයි. මෙම යෝජනාවට අනුව ක්‍රියාත්මක වූ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය, සභාව විනාඩි දහයක් කල් තබන බව ප්‍රකාශ කරමින් පිටත්ව ගියාය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka