අද කොළඹ මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් 11 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.
නීතිපතිවරයා විසින් මෙලෙස අධිචෝදනා ගොනු කර ඇති බව සඳහන්.
ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2024 පෙබරවාරි මස මුලදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ අතර මාස හතකට පසු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට ඇප ලබා දෙන ලැබුවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමට අනුබල දුන් බවට කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වී ඇති අතර එම ප්‍රමිතියෙන් තොර ඖෂධය ආනයනය කිරීම හරහා රුපියල් මිලියන 130 ක මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවයි පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.