gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අතුරුදන් අතුල සහ පොලීසිය උසාවියේදී මුහුණට මුහුණ හමු වෙයි!

වෙසක් පොහොය දා ජනපති පොදු සමාව ලැබී ඇති බව පවසමින් කූඨ ලේඛන සකසා අනුරාධපුර බන්ධනාගාර මගින් නිදහස් කළ බවට මේ දිනවල දැඩි ආන්දෝලනයකට ලක්ව සිටින ඩබ්.එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරු ඔහුට එරෙහිව පවතින වෙනත් නඩුවක් සඳහා අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (11) දින පෙනී සිට ඇත.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව පැවසුනද අදාළ සැකකරු ඔහුගේ නීතිඥ සුරංග මොහොට්ටි සමඟින් තම මිතුරන් සමග අධිකරණ භූමියේ කතා -බස් කරමින් සිට පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසලින් ම අධිකරණ භූමියෙන් පිටව ගිය බව සඳහන්.

තමාට එරෙහිව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති එම නඩුව අවසන් වීමෙන් පසුව අනුරාධපුර මහාධිකරණයේ තමාට එරෙහිව පැවැති එච්සි/69/2108 අංක දරන නඩුවෙන් ජනපති පොදු සමාව යටතේ බව කියමින් නිදහස් වී යෑමට අදාළ ලිපිය නිකුත් කිරීමේ සිද්ධියකට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව පවතින නඩුව කැඳ වූ අවස්ථාවේදී එය දැක බලා ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත අධිකරණ ශාලාවට පැමිණ සිටියේ ය.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහිව පැවති නඩුව කැඳවූ අවස්ථාවේ සිය සේවාදායකයා වන අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාත්න වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල කරුණු දක්වන අතරතුර විශේෂයෙන් පවසා සිටියේ තම සේවාදායකයා වන අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න යන අය නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ නීත්‍යනුකූලව බවයි.

එය වඩාත් තහවුරු වන්නේ ප්‍රශ්නගත විත්තිකාර අතුල තිලකරත්න යන අය මේ අවස්ථාවේ මෙම අධිකරණයේ ද පෙනී සිටින නිසා බව නීතිඥවරයා කීවේය.

නීතිඥවරයා මෙලෙස පවසද්දී විත්තිකාර අතුල තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් ද සිටි විවෘත අධිකරණ ශාලාවේ සිටිමින් අතක් ඔසවමින් තමා අධිකරණයේ සිටින බව මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.

චිත්තිකාර අතුල තිලකරත්නගේ නීතිඥ සුරංග මොහොට්ටි ද අධිකරණයට කරුණු දක්වමින් කියා සිටි තම සේවාදායකයා ඔහුට එරෙහිව ඇති වෙනත් නඩුවකට පෙනී සිටීම සඳහා ඊයේ (ජූනි 11) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි බවයි.

මේ මොහොතේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ද ඔහු සිටින බව කියා සිටි නීතිඥවරයා සිය සේවාදායකයා මෙලෙස ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පෙනී සිටින්නේ ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පැවැති එච්සි /69/2018 අංක දරන නඩුවෙන් නීත්‍යනුකූලව නිදහස්ව සිටින නිසා බව ද ප්‍රකාශ කළේ ය.

විත්තිකාර ඩබ්. එම්. අතුල තිලකරත්න අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ නඩුවට පෙනී සිටීම සඳහා එම අවස්ථාවේ පැමිණ විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගේ නඩුව අවසන් වීමෙන් අනතුරුව විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න තම මිතුරන් සමග අධිකරණ භූමියේ කතා -බස් කරමින් සිට පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසලින් ම අධිකරණ භූමියෙන් පිටව ගියේ ය.

කෙසේ වුවද මෙම සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් ප්‍රකාශ කළේ, මෙම සැකකරු විසින් මෙම ප්‍රශ්නගත සිද්ධි ජාලයට අදාළ ලේඛන විනාශ කිරීමට සුදානම් බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බවත් සිද්ධියට අදාළව අනුරාධපුර බන්ධනාගාරයේ නිදහස් කරන ලද විත්තිකරු මේ වන විට විදෙස්ගත වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ය.

Mawbima
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka