gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවම මළ ගෙයක් වෙයි… ලන්ඩන් යන්න ගිය ඉන්දීය ගුවන් යානයක් කඩා වැටේ… 242ක් මරුට… (Video)

ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව ඇත.

යානය ගුවන්ගත වී තත්පර කිහිපයකට අඩි 625 (මීටර් 190)ක් පමණ ඉහළ දී යානයෙන් අවසන් සංඥාව ලැබී තිබේ.

'එයාර් ඉන්දියා' ගුවන් සේවයට අයත් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242ක් සිට ඇති බව සඳහන්.

යානය නේවාසික ප්‍රදේශයකට කඩාවැටී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

අහ්මදාබාද් ගිනිනිවීමේ සහ හදිසි සේවා දෙපාර්තමේන්තුව ගිනිනිවන රථ පහකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට අනතුර සිදු වූ ස්ථානය වෙත යොමුකර ඇත.

යානයේ සිටි මගීන් 242 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.






gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka