gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මර්වින් එළියට එද්දි අධිචෝදනා භාරදෙයි!

ඉඩමකට කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව පසුගිය මාර්තු මසදී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (06) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත.

රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට අද (06) දින කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාරදීම සිදු කෙරුණු අතර ඉන් අනතුරුව විත්තිකරු ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka