වරායෙන් පිට කළ කන්ටේනර් 300කට ආසන්න සංඛ්‍යාවක ගබඩා කළ තිබුණේ තායිලන්තයේ තිබූ ප්‍රභාකරන්ගේ ගිනි අවි ඇතුළු ආයුධ බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (05) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරයි.
ඔහු මෙහිදී කියා සිටියේ, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා සම්පූර්ණ වගකීමද දරන බවයි.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ,
“මම කන්ටේනර් ගැන කතා කරනවා. මේක කතා කරනකොට මට වෙඩි වදින්න පුළුවන් මොකද මට ආරක්ෂාව දීලා නෑ. ජනාධිපති චන්දෙට කලින් ජර්මනි ගිහිල්ලා ඩයස්පෝරාව හම්බුනා. 2009ට කලින් තායිලන්තයේ තිබුණු ප්‍රභාකරන් ගෙන්නන්න ට්‍රයි කරපු බඩු ටික කුමරන් පද්මනාදන් හරහා (KP) ඒ බඩු ටික මෙහෙට ගෙනල්ලා තියෙනවා. මිනිස්සු කතාවෙනවා. මටත් මගේ ඩයස්පෝරාවෙන් කතා කරලා කිව්වා අන්තිමට ඉතිරි වෙච්ච ආයුද ටික ගිනි අවි ටික ඒ කන්ටේනර් වල දාලා ගෙනල්ලා තියෙනවා කියලා කියනවා. මට මේක ඔප්පු කරන්න බැහැ. වගකීමෙන් කියන්නේ, ගොඩක් වගකීමෙන් කියන්නේ. කන්ටේනර් 300 තිබුනේ ප්‍රභාකරන්ගේ ගිනි අවි. තැන් තැන්වල ගිහිල්ලා තිබිච්ච ඒවා ගෙනල්ලා තියෙනවා.”