වසර 20 සහ වසර 25 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු බැලීමට පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳින සියලු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය එය බවත් සාමාන්‍යයෙන් එක වරකට තිදෙනෙකුට එම අවස්ථාව ලැබෙන බවද බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක සඳහන් කරයි.