හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
නැවතත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (26) දිනයේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන ජූලි මස (07) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
තවද අදාළ සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුන්වන සැකකරු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.