gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ලොක්කා බොරු කියලා අපිව ඇන්දුවා” - තොරතුරු රැසක් හෙළිවෙයි!

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමට තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවක කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වන සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා විසින් බව එම කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා සඳහන් කරයි.

අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා මේ බව සඳහන් කළේ, වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එල්ලවී ඇති චෝදනා විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා සඳහන් කළේ,

“එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා මට එන්න කිව්වා නිලධාරීන් කණ්ඩායමක් සමඟ වැලිගමට යන්න. එහි හෝටලයක පාතාලයට සම්බන්ධ පිරිසකගේ සාදයක් තිබෙන බවත්, එම ස්ථානයට ගොස් තාප්පයට සහ නම සඳහන් බෝඩ් එකට වෙඩි තබා එන ලෙසත් කිව්වා.

ඒ සඳහා පිටත්ව ගිය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ මම. වෙඩි තැබුවාට පස්සේ අපි පොඩ්ඩක් ඉස්සරහට ගියා. එහෙම ඉස්සරහට යනකොටම තවත් වෙඩි සද්දයක් ඇහුණා. එතකොට අපි දැක්කා අපිත් එක්ක ගිය උපුල් කියන නිලධාරියා වෙඩි වැදිලා වැටිලා ඉන්නවා.

මම එතකොටම මා සමග සිටි අයට “ඉක්මණට පලයන්” කියලා කිව්වා. එතන STF එකේ 20ක් විතර හිටියා බස් එකක. ඒ බස් එක ස්ටාර්ට් වෙන්න පරක්කු වුණ නිසයි අපිත් අද ජීවතුන් අතර ඉන්නේ. නැත්නම් උපුල් එක්ක අපිත් මැරිලා.

ස්වාමීනි.. නෙවිල් ද සිල්වා අපිට කළේ බොරුවක්. අපි වෙඩි තියන්න යන එක වැලිගම පොලීසිය ඇතුළු පොලිස් ස්ථානවලට දැනුවත් කරලා තිබුණා කියලයි ඔහු අපිට කිව්වේ.

සිද්ධියෙන් පස්සේ නෙවිල් ද සිල්වා වැලිගමට ආවා. මේ විදියේ කතාවක් කිව්වොත් අපිට අවුලක් නැතිවෙයි කියලා කිව්වා. ඒ අනුව තමයි අපි මේ කතාව අධිකරණයට කියමු කියලා සාමූහික ස්ථාවරයකට ආවේ. ඒ නිසා අපි කතාව ඒ විදිහට කිව්වා.

මරණ පරීක්ෂණයේදිත්, මහේස්ත්‍රාත් අධිකරණයේදීත්, පළමු වරට ප්‍රකාශ ලබාදීමේදී අපි කිව්වේ නිර්මාණය කළ කතාවක්. අපිට තේරුණා මේ ප්‍රශ්නය දිගටම යනවා කියලා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණයට ගිහින් මම ඇත්ත කතාව කිව්වා.”

පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් තවදුරටත් සඳහන් කළේ,

“අපි දැනුවත්ව තමයි ඒ දේ කළේ. නෙවිල් ද සිල්වා මහතාගේ නියෝගයක් නිසා අපි වරදක් කරන්නේ කියලා දැන දැනම මේ දේ කළා. ඉහළින් ලැබෙන සියලු වැරදි නියෝග ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා නැහැ. හැබැයි පොලීසිය ඇතුළේ ඉන්නනම් අපිට ඉහළින් ඉන්න නිලධාරින් කියන දේවල් කරන්න වෙනවා. නැත්නම් අපිට පොලීසියේ රැඳී ඉන්න බැහැ.

අපි ගියේ පොලීසියේ වාහනයකින්. ඒක නිසා අංක තහඩු සියල්ල සටහන් වෙනවා. ඒ නිසා අපි ව්‍යාජ අංක තහඩු දෙකක් අරන් ගියේ. ඉහළ නිළධාරීන් අපිට ලබාදෙන තීන්දු තීරණ නිසයි මාව වැඩ තහනමට ලක්වෙලා තියෙන්නේ. අද මට විශ්‍රාම වැටුපවත් ගන්න විදියක් නැහැ. අනෙක් සියලු නිළධාරීන් මේක ආදර්ශයක් කරගන්න. මේ වගේ නියෝග ක්‍රියාත්මක නොකර ස්ථාන මාරුවීමක් අරන් ගියත් මීට වඩා හොඳයි.”
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka