gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක්නැලිගොඩ ඝාතන සිද්ධියට විශ්‍රාමික බ්‍රිගේඩියර් ශම්මි අත්අඩංගුවට!

මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මහාධිකරණ ත්‍රිපුද්ගල නඩුවේ ප්‍රධාන චූදිතයෙකු වන යුද හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික බ්‍රිගේඩියර් ශම්මි කුමාරරත්න සාක්ෂිකරුවකුට බලපෑම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඊයේ  (11) දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය⁣ට ඉදිරිපත් කිරීමෙන් පසුව (25) වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික බ්‍රිගේඩියර් ශම්මි කුමාරරත්න ඇතුළු 10 දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා මේ වනවිට අධිචෝදනා ගොනුකර ඇත.

විශ්‍රාමික බ්‍රිගේඩියර් ශම්මි කුමාරරත්න එක්නැළිගොඩ ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන සුරේෂ් කුමාර් නැමැත්තාට තර්ජනය කර ඇති බව, අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අධිකරණයේදී සඳහන් කළේය.

මේ අතර පසුගිය (06) වැනිදා දුරකථන අංකයෙන් තවත් හිටපු හමුදා සාමාජිකයෙකු සිදුකළ තර්ජනයක් පිළිබදව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ තොරතුරු ඇතුළත් වේ.

“යුද හමුදා නිලධාරී මොහොමඩ් යන අය ඇමතුමක් ලබාදී එල්ටීටීඊ බුද්ධි අංශ නායකයකු වන විනයාගම් මන්නාරමට පැමිණ සිටින බවත් වරායෙන් ආයුධ ගෙනවිත් ඇති බව දන්නවාද.?

අනුරගේ ආණ්ඩුව වැඩි කල් තියෙන්නේ නැහැ. ඊළගට නායකයා වන්නේ නාමල් රාජපක්ෂ හරි විජේවීරගේ පුතා හරි. තමාට එල්ටීටීඊ එකෙන් තර්ජනයක් තියෙනවා.

කොළඹ ඇවිල්ලා ඔහු සමග සිටින්න යනුවෙන් සඳහන් කළ බව ඊච්චලම්පත්තු පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා ඊච්චලම්පත්තු විසින් වාර්තාවක් මගින් දන්වා ඇත.”

මෙම කරුණු සලකා බලමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විශ්‍රාමික බ්‍රිගේඩියර් ශම්මි කුමාරරත්න (25) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ලබන (13) වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයට ඔහු ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka