තව නඩු අටක් තියෙන අපට මාස හයක සිරදඬුවම මොන කජ්ජක් ද.. කුමන්ත්‍රණ කතා සියල්ල බොරු…! – අතුල සේනාරත්නගේ නීතීඥයන් සියල්ල ආපිට කැරකෙන හෙළිදරව්වක….
අනීතික ලෙස ජනාධිපති සමාව ලද බවට චෝදනා නැඟෙන අනුරාධපුර අතුල සේනාරත්න රටින් පළා ගොස් ඇති බවට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඔහු නීතීඥ සුරංග මොහොට්ටි පවසයි. එසේම මාස හයක සිරදඬුවමක් සඳහා ජනාධිපති සමාව ලබා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහයෙන් කුමන්ත්‍රණ කොට ලබාගත හැකි ජයග්‍රහණයක් බව ද එම දඬුවම විඳීම හොඳ බව ද ඔහු ප්‍රකාශ කරයි.
සුරංග මොහොට්ටි පෙන්වා දෙන්නේ, තම සේවාදායකයාට අධිකරණය හමුවේ තවත් නඩු 08ක් ඇති බවත් ඒ සඳහා බන්ධනාගාරයේ සිටි කාලයේ හැර ඊට පෙර සහ පසු සෑම අවස්ථාවක ම අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවත්ය.
එහෙත් ඇතැම් කණ්ඩායම් සංවිධානාත්මකව මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාර ඔහුගේ සෙසු නඩු විභාගවලට ද අනර්ථකාරී ලෙස බලපාන බවත් එම හෙතෙම ප්‍රකාශ කරයි.
-emanisa
තව නඩු අටක් තියෙන අපට මාස හයක සිරදඬුවම මොන කජ්ජක් ද.. කුමන්ත්‍රණ කතා සියල්ල බොරු…! – අතුල සේනාරත්නගේ නීතීඥයන් සියල්ල ආපිට කැරකෙන හෙළිදරව්වක….
2025-06-11T21:35:00+05:30
Gossip Lanka Hot News






