මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය නීතියට අනුව නිර්භයව සිය රාජකාරිය ඉටු කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළේය. රජය එවැනි රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරන බවද ඔහු අවධාරණය කළේය.
“රාජ්‍ය සේවකයන් බියට පත්ව වැඩ නොකරන බවට කතාවක් හදාගෙන යනවා. නමුත් මෙලෙස නිර්භයව වැඩ කරන රාජ්‍ය සේවකයන් අපි දෝතට ගන්නවා,” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කොළඹ මහ නගර සභා බලය පිහිටුවීම සඳහා නිවැරදිව කටයුතු කළ පළාත් පාලන කොමසාරිස්වරියට විපක්ෂ කණ්ඩායම් පහර දීමට පටන් ගෙන ඇති බවද සුනිල් වටගල මහතා පෙන්වා දුන්නේය.
-lankacnews