gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තැන තැන ඉන්ධන පෝලිම්.. මැදපෙරදිග යුද්දයෙන් මෙරට ඉන්ධන හිගයක්..?

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන හිඟයක් මතුවේ යැයි ඇතැම් ප‍්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් පෝලිම් දැකගත හැකිවි. ඉන්ධන හිගයක් ඇති වේ යයි සමාජ මාධ්‍යවල පල වන වාර්තා මත මෙම තත්වය ඇතිව තිබින.

මේ අතර මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් රට තුළ ඉන්ධන හිඟයකට මුහුණ දිය හැකි බවට පලවන සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ ඉදිරි මාස දෙක සඳහා රටේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් තෙල් තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව දැනට ඇති බවයි.

එමෙන්ම ඇණවුම් කරන ලද ඛනිජ තෙල් නැව්ගත කිරීම් කිසිදු බාධාවකින් තොරව ලබා ගැනීමට දැනටමත් කටයුතු යොදා ඇති බව ද අමාත්‍යාංශය සහතික කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka