සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා දිගටම විපක්ෂ නායක ධූරයේ තබා ගැනීමට කටයුතු කරන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
විපක්ෂයේ මන්තිවරුන්ගේ හැසිරීම පාලනය කිරීම විපක්ෂ නායකවරයාට වගකීමක් බවත් එසේ හැකියාවක් නැති විපක්ෂ නායකවරයෙකු එම ධුරයට වැඩක් නැති බවද ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා දිගටම විපක්ෂ නායක ධුරයේ තබා ගන්නා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
අද පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් ඝෝෂා කරමින් හැසිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.