gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඉරානය කටාරයේ හා ඉරාකයේ ඇමරිකා කදවුරුවලට මිසයිල වලින් පහර දේ… (Video)

කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරයට ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම තත්ත්වය හමුවේ මැද පෙරදිග රටවල් ගණනාවක් තම ගුවන් සීමාවන් වසා දමා ඇති අතර, කටාර් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල විසින් තම පුරවැසියන්ට “ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස” දැනුම් දී ඇත.

ඊශ්‍රායල නිලධාරියෙකු උපුටා දක්වමින් ඇක්සියෝස් (Axios) වාර්තාකරුවෙකු ප්‍රකාශ කර ඇත්තේ ඉරානය විසින් කටාර්හි පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල හයක් දියත් කර ඇති බවයි.

එමෙන්ම, ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාර එල්ල කර ඇති බවට බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් (Sky News) පුවත් සේවය වාර්තා කරයි.

මෙම ප්‍රතිප්‍රහාරක මෙහෙයුමෙන් අනතුරුව ඉරාන සන්නද්ධ හමුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉස්ලාමීය ජනරජයේ න්‍යෂ්ටික පහසුකම්වලට එරෙහිව “එක්සත් ජනපදයේ අපරාධකාරී පාලන තන්ත්‍රය විසින් සිදු කරන ලද දරුණු හමුදා ආක්‍රමණයට” ප්‍රතිචාරයක් ලෙස මෙම මෙහෙයුම සිදු කළ බවයි.

පවතින යුධමය තත්ත්වය හේතුවෙන් කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඉරානය තම සීමාව උල්ලංඝනය කල බවත් ප්‍රහාරයට තමන් සෘජු ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව කටාර් රජය සදහන් කර ඇත.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka