gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන විනාශ වී නෑ… සිදුවී ඇත්තේ සුළු ප්‍රමාදයක් පමණයි… ඇමරිකානු බුද්ධි අංශ කියයි!

එක්සත් ජනපද ගුවන් ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික හැකියාව විනාශ කර නොමැති බවත් එය මාස කීපයක් පමණක් උක්ත වැඩසටහන ප්‍රමාද කර ඇති බවත් එක්සත් ජනපද මූලික බුද්ධි තක්සේරුවක් උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරයි. දින 12 ක යුද්ධය තුළ එක්සත් ජනපදය ඉරානයේ යුරේනියම්- බලගැන්වීමේ කිරීමේ පහසුකම්වලට පහර දීම විශාල ජයග්‍රහණයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ට්‍රම්ප් සති අන්තයේ පැවසුවේ එක්සත් ජනපදය රාත්තල් 30,000 ක බෝම්බ යොදවා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන “මකා දැමූ” බවය.


නමුත් එම ප්‍රකාශය ඔහුගේ පරිපාලනයේ බුද්ධි අංශවලින් සිදුකරන ලද මූලික තක්සේරුවකට පටහැනි බව පෙනෙන්නට තිබුණේයැයි විශේෂඥ විශ්ලේෂකයින් අනාවරණය කර ඇත.

ආරක්ෂක බුද්ධි ඒජන්සිය විසින් සම්පාදනය කරන ලද වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ප්‍රහාර මගින් යුරේනියම් බලගැන්වීමේ න්‍යෂ්ටික බලාගාර දෙකක පිවිසුම් වලට විශාල හානි සිදුකර ඇති නමුත් භූගත ගොඩනැගිලි කඩා නොවැටී ඇති බවය. ඉරානයේ බලගැන්වූ යුරේනියම් තොග විනාශ වී නොමැති බවත්, රටේ න්‍යෂ්ටික වැඩසටහන මාසයක් හෝ දෙකක් පමණක් පසුබෑමට ලක් වී ඇති බවත් එක් මූලාශ්‍රයක් පැවසීය.

මේ අතර විශ්වාසවන්ත මූලාශ්‍රයක් උපුටා දක්වමින් වොෂ්ටන් පෝස්ට් පුවත් පත ද වාර්තා කර ඇත්තේ ප්‍රහාරයෙන් පසුවත් සමහර යුරේනියම් බලගන්වන ඇතැම් කේන්ද්‍රාපසාරී තවමත් නොවෙනස්ව පවතින අයුරුය.

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ සති අන්ත ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිරිහීමට ලක් කර ඇති නමුත් ට්‍රම්ප්ගේ පෙර ප්‍රකාශය තරමේ හානියක් සිදුවී නැති බව ට්‍රම්ප්ගේ පරිපාලනය ඊයේ (25) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබිණි.

ඉරානය පවසන්නේ එහි න්‍යෂ්ටික පර්යේෂණ සිවිල් බලශක්ති නිෂ්පාදනය සඳහා බවයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka