gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ රටවල් දෙක දන්නේ නෑ එයාලා මොන හු@# කරනව ද කියලා… නහුතයට තද වී ට්‍රම්ප් ඊශ්‍රයාලයට සහ ඉරානයට කී කතාව!

දීර්ඝ කාලයක් තිස්සේ සටන් කරමින් සිටින ඊශ්‍රයාලය සහ ඉරානය තමන් කරන්නේ මොන හු@# දැයි ඔවුන් නොදන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. තමන් විසින් පැනවූ සටන් විරාම ගිවිසුම උල්ලංඝණය කළ ඊශ්‍රයාලයට එරෙහිව ඔහු තුළ පැවති දැඩි කෝපය එම ප්‍රකාශය සමග ලෝකය ඉදිරියට පැමිණියේය. මේ ට්‍රම්ප් කළ ප්‍රකාශය විදේශ මාධ්‍ය වාර්තා කර තිබූ අයුරුය.

සටන් විරාමය උල්ලංඝනය කර ඇති නමුත් ඊශ්‍රායලය සමඟ තමන් “ඇත්තටම අසතුටින්” සිටින බව ඩොනල්ඩ් ට්‍රම්ප් අද පැවසුවේය.

“බෝම්බ හෙළීම නවත්වන්න. ඔබ කරන්නේ විශාල උල්ලංඝණය කිරීමක්. ඔබේ ගුවන් නියමුවන් දැන්ම ගෙදර ගෙනවා ගන්න…” ඔහු ඊශ්‍රායලයට දැන්වූයේය. ඒ ඔහුගේ Truth Social වේදිකාවේ සටහනක් තබමිනි.

ට්‍රම්ප් සටන් විරාමයක් ප්‍රකාශ කළ පසු එම යෝජනාවට මුලින්ම කැමැත්ත ප්‍රකාශ කළේ ඊශ්‍රායලය ය. ඉරානය සිය මුල් ස්ථාවරයේ රැඳෙමින් ප්‍රකාශ කළේ මුලින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීම නැවැත්වුවහොත් තමන් ද ප්‍රහාර එල්ල කිරීම නවත්වන බවය.

සටන් විරාම ගිවිසුමට එකඟ වූ පසු ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමති ඊශ්‍රයාල් කැට්ස් ඉරානයට දැඩි ලෙස පහරදෙන ලෙසට ඊශ්‍රයාල හමුදාවට නියෝග කිරීම ට්‍රම්ප් ගේ කෝපයට හේතු වී තිබිණි. ඔහු විසින් ඇති දැඩි කරමින් ඔහුගේ අවශ්‍යතාවයට අනුව මෙහෙයවනු ලැබූ ඊශ්‍රයාලය ට්‍රම්ප්ගේ නියෝගය නොසලකා හැරීම ට්‍රම්ප්ව දැඩි ලෙස කෝප ගන්වා ඇති බව පෙනුණි. ඊශ්‍රයාලය පැවසුවේ ඉරානය විසින් ඊශ්‍රයාලයට මිසයිල ප්‍රහාර එල්ල කළ බවය. එහෙත් මෙම නව ප්‍රහාර තමන් විසින් එල්ල කර නැති බව ඊශ්‍රයාල හමුදාව අවධාරණ කළේය.

හේග් නුවර නේටෝ සමුළුව පිටව යාමට පෙර ට්‍රම්ප් වාර්තාකරුවන් වෙත යළිත් පවසා තිබුනේ, තමන් “ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග ගැන අසතුටින් පසුවන” බව ය.

“මම හිතන විදිහට කාල සීමාවෙන් පස්සේ ටිකක් පරක්කු වෙලා රොකට් ප්‍රහාරයක් එල්ල වුණා. දැන් ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වන්න යන්නේ. මේ අය සන්සුන් වෙන්න [ඕනේ]. ඊයේ දුටු “ගොඩක් දේවල් ” මට එතරම් ප්‍රිය ජනක වුනේ නෑ…” ඔහු තවදුරටත් කීවේය.

“අපි එකඟතාව ඇති කරගත්ත ගමන් ඊශ්‍රායලය පහර දීම ගැන මම එච්චර තැමති නෑ,” යළිත් ට්‍රම්ප් කීවේය.
“පහර දෙන ඕනේ කමක් නැහැනේ.”

“අපට මූලික වශයෙන් සෑහෙන කාලයක් තිස්සේ දැඩි ලෙස සටන් කරන රටවල් දෙකක් තියෙනවා. එයාලා දන්නේ නෑ එයාලා මොන හු* කරනවා ද කියලා…”

කෙසේ වෙතත් නෙතන්යාහුගේ කාර්යාලය පවසන්නේ අඟහරුවාදා අලුයම ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ඉරාන රේඩාර් එකකට පහර දුන් නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීමෙන් පසු ඊශ්‍රායල නායකයා දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටි බව ය.

“ජනාධිපති ට්‍රම්ප් අගමැති නෙතන්යාහු සමඟ කළ සංවාදයෙන් පසුව, ඊශ්‍රායලය අතිරේක ප්‍රහාරවලින් වැළකී සිටියේය,” නෙතන්යාහුගේ කාර්යාලය කීවේය.
-lankasara
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka