රට කාබාසිනියා කළ පොහොට්ටුව ඇතුළු පාපිසි සියල්ල එකතු කරගෙන කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේ අවශ්‍යතාවය කුමක් දැයි නොවැටහෙන බවත් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වී ඇති නාමල් රාජපක්ෂලාට නැවත ජනතා බලයක් ඇති කිරීමට සමගි ජන බලවේගයට ඇත්තේ කුමණ අවශ්‍යතාවයක් දැයි ප්‍රශ්න කරන බවත් අද සමගි ජන බලවේගයේ ජා ඇල ආසන සංවිධායක ශීරන්ත අමරසේකර ප්‍රශ්න කළේය.
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගය කටයුතු කරන ආකාරය ප්‍රසිද්ධියේ දැඩි ලෙස විවේචනය කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ මූලිකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වුන සජබ සභිකයින් දිවුරුම් දීමේ වැඩසටන අතරදීය.
අවස්ථාවේ දී ජා ඇල ආසන සංවිධායකවරයා මෙසේ ද පැවසුවේය.
” මට හිතෙනවා අපි කොළඹ නගර සභාවට මහා වලිකෑමක් වලි කනවා. කොහෙවත් යන පොහොට්ටුවත් කරේ තියාගෙන. සජිත් මහත්තයට කියන්න පාඩුවෙ නිකම් ඉන්න කියලා. දිනනවා නම් අපි දිනාගනී. රටේ තියන ඔක්කොම පාපිසි එකතු කරගෙන කොළඹ නගර සභාව අපට පිහිටුවන්න ඕන නෑ. මොකටද අපි එහෙම පිහිටුවන්නේ. ”
” මම බය නැතිව කියනවා. ජා ඇල ආසනයේ මෙතන ඉන්න අය දන්නවා. එක්සත් ජාතික පක්ෂයට අපව දාලා ගිය කිසිවෙකුට මේ මැතිවරණයේ දී අපි අපේක්ෂකත්වය දුන්නේ නෑ. පොහොට්ටුවෙන් එක්කෙනෙක්වත් අපි ගත්තේ නෑ. ගන්නෙ නැතිව තමයි ජා ඇල අරන් ගියේ. මොකද අපේ කැපවෙච්චි අයට අවස්ථාවක් දෙන්න ඕන නිසා. එහෙන් මෙහෙන් පනින උන්ව අපි ගත්තේ නෑ.
” ඔය පොහොට්ටුවයි අරකයි මේකයි කාලකන්නි ඔක්කොම එකතු කරගෙන… පොහොට්ටුව කාබාසිනියා කළා ජා ඇල ප්‍රාදේශීය සභාව. මුලු රටම නැති කෙරුවේ පොහොට්ටුව. ඒක අමතක කරන්න එපා. එහෙනම් පොහෝටුව අරගෙන මොකක්ද අපිට උන් එක්ක තියන ගනුදෙනුව. පොහොට්ටුව අරගෙන නාමල්ලා ආපහු ජනාධිපති වෙන තැනකට, මිනිස්සු අතර එහෙම මතයක් ඇතිවන තැනකට අපි පාර කපන්න ඕන නෑ.
හර්ෂණ මේක සජිත් මහත්තයට කියන්න. අපි දැක්කා හර්ෂණත් එහාට මෙහාට දඟලනවා සජබයට කොළඹ බලය අරන් දෙන්න. දඟලන්න එපා පොහොට්ටුව එකතු කරගෙන. සමස්ථ මධ්‍යස්ථ ජනතාව කැමති නෑ අපි පොහොට්ටුව එකතු කරගෙන මේක ගන්න යනවාට. කාටද අපි අරන් දෙන්න යන්නේ. මොනවද අපි අරන් දෙන්න යන්නෙ. මොකක්ද උවමනා. ඔහු ප්‍රශ්න කළේය.
-lankasara