gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බීමත් රියදුරෙකුගේ නොසැලකිල්ලෙන් පදික මාරුවේදී සහෝදරියන් දෙදෙනාම අවසන් ගමන්යයි... දරුවන් දෙදෙනාට බරපතළයි...

පදික මාරුව මතදී බිමත් රියදුරෙකු පැදවූ මෝටර් රථයක ගැටීමෙන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. මිය ගිය එක් කාන්තාවකගේ දරුවන් දෙදෙනාද එම අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.

හොරණ - කොළඹ මාර්ගයේ කෝරලඉම ප්‍රදේශයේ ඥාතී අවමගුල් නිවසකට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු යළි ඒ ආන්නයේ පිහිටි තවත් ඥාති නිවසකට යාමට පදික මාරුව මතින් ගමන්කරමින් සිටියදී ඊයේ රාත්‍රී 9.25ට පමණ අනතුරකට ලක්ව තිබුණි.

ඒ ගෝනපොල  සිට කොළඹ දෙසට ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙනි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනා කඩිනමින් වෑතර රෝහලට ඇතුළත් කෙරුණි.

එහිදී එක් කාන්තාවක් මිය ගොස් තිබේ.

අනතුරින් තුවාල ලැබූ මියගිය කාන්තාවගේ 11 හැවිරිදි සහ 17 හැවිරිදි දියණියන් දෙදෙනා සහ ඇගේ සහෝදරිය කඩිනමින් කළුබෝවිලට ශික්ෂණ රෝහලට මාරුකර යවනු ලැබීය. 

එහිදී අනෙක් කාන්තාවද මිය ගොස් තිබේ.

මෙම අනතුරින් මියගිය  45 හැවිරිදි සුරංගිකා දමයන්ති බණ්ඩාරගම හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. 

ඇගේ සොහොයුරිය වන 50 හැවිරිදි ශිරෝමි මාලා ප්‍රනාන්දු මහත්මිය බේරුවල මාගල්කන්ද අලුත්හේන ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර ඇය තිදරු මවකි.

බරපතළ තුවාල ලැබූවේ මිය ගිය සුරංගිකා දමයන්තිගේ දරුවන් දෙදෙනායි.

ඔවුන් මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. 

සැකකාර මෝටර් රථ රියදුරු සිය තුන් හැවිරිදි දියණිය සමඟ කොත්තුවක් මිලදී ගෙන නැවත පැමිණෙමින් සිටියදී පදික මාරුවේදී මෙම අනතුර සිදුව ඇති බව අනාවරණ වී ඇත.

අනතුරින් පසු කුඩා දියණිය අසල නිවසක රඳවා ඔහු සැඟව සිට පොලීසිය පැමිණීමෙන් අනතුරුව භාරවී තිබුණි. 

අනතුර සම්බන්ධයෙන් රියදුරු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු 28 හැවිරිදි අයෙකි.

මොරගහහේන පොලීසිය ප්‍රකාශ කළේ, ඔහු ඒ අවස්ථාවේ බීමතින් සිට ඇති බවය. 

සැකකරු අද (16) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka