gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජොන්ස්ටන්ට බොරු කොන්දෙ අමාරුවක් පෙන්වූ වෛද්‍ය චන්දනට එරෙහි පියවර!

විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දුට අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි තරමට දැඩි කොන්දේ අමාරුවක් ඇති බවට අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ බවට චෝදනා ලැබූ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ගනු ලබන විනය පියවර පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් නියෝග කරන ලදී.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් පෙරේදා (ජූනි 23) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මෙම නියෝගය කරන ලදී. නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ලිපි ශීර්ෂයක් යටතේ අධිකරණයට අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේ යැයි චෝදනා එල්ලවී ඇති ආර්.පී.කේ. චන්දන නමැති වෛද්‍යවරයා සම්බන්ධයෙන් ගනු ලබන විනය පියවර පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුතුමිය නියෝග කළාය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාරී රණතුංග මහත්මිය, මහාධිකරණය විසින් කරන ලද නියෝගය ප්‍රකාරව සහ එකී පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුව එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව පෙන්වා දුන්නාය. මෙම කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරිය, එකී විමර්ශනවලින් අනතුරුව ගනු ලබන විනය පියවර කුමක්දැයි වාර්තා කරන ලෙසට නියෝග කළාය.

මෙම නඩුව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත්කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු හා සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදින් සාකිර් යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවකි.

විනිසුරුවරිය, නඩුවේ පැමිණිල්ල වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජූලි 30 වන දා දක්වා කල්තැබීමට ද නියෝග කළාය.

අධිකරණයේදී, පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම්කොට තිබූ විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී ලෙස කටයුතු කළ ඒ.එම්. විජේරත්නගෙන් විත්තියේ නීතිඥවරු ඊයේ හරස් ප්‍රශ්න ඇසූහ.

ලබන ජූලි 30 වන දා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා පෙනී සිටින ලෙස දන්වා සතොස ආයතනයේ මුල්‍ය අංශ ප්‍රධානි නිලුෂි සංජීවනීට නොතීසි යැවීමට ද විනිසුරුවරිය නියෝග කළාය.

එමෙන්ම, විනිසුරු ලංකා ජයරත්න ලබන අගෝස්තු 16 වන දා සිට අගෝස්තු 23 වන දා දක්වා කාලය සඳහා දෙවන විත්තිකරුට විදේශගතවීමට ද අවසර ලබා දුන්නාය. ව්‍යාපාරික කටයුත්තක් සඳහා විදේශගතවීමට අවසර ලබාදෙන ලෙසත් අධිකරණය විසින් පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරනා ලෙසත් දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරිය එම නියෝගය කළාය.

අධිකරණය භාරයේ ඇති තුන්වන විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව ඔහු වෙත භාර දෙන ලෙසට ද විනිසුරුවරිය නියෝග කළාය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka