gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටි හැටියේ කෝටිපතියන් වූ බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙක් ගැන විමර්ශන අංශවල අවධානයට… සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරීක්ෂාව ඇරඹෙයි!

බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසට විවිධ පුද්ගලයන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් ලැබී ඇති පැමිණිලි මත පදනම්ව බන්ධනාගාර සියලු ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කරන්නේ ක සියලු බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් සොයා බැලෙන බව හා පාතාලය සමඟ ගනුදෙනු පවත්වමින් ඔවුන්ගෙන් වාසි වරදාන ලබාගන්නා බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන්ද විමර්ශනය කරන බවය.

මේ සම්බන්ධව අල්ලස් කොමිසම ප්‍රකාශ කර ඇත්තේ බන්ධනාගාර ප්‍රධානීන්ගේ බැංකු ගිණුම් යාන වාහන ඉඩකඩම් ඇතුළු සියලු දේපළ සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පූර්ණ විමර්ශනයක් කරන බවත්,  සියලු බන්ධනාගාර ප්‍රධානීන් රජයට ඉදිරිපත් කරන ලද ආදායම් වාර්තාවන්හි ( වත්කම් බැරකම් ප්‍රකාශ) සඳහන් දේපළවලට වඩා වැඩි දේපළක් ඔවුන් සන්තකයේ තිබේ නම් ඒවා උපයා ගත් ආකාරය පිළිබඳව ඔවුනට අධිකරණයට කරුණු දැක්වීමට සිදුවන බවත්ය.

දැනට වාර්තාවන පරිදි සුපිරි නිවාස සහ යානවාහන අත්පත් කරගෙන හිටිහැටියේ කෝටිපතියන් බවට පත්ව ඇතැයි පැවසෙන බන්ධනාගාර ප්‍රධානීන් පහළොස් දෙනකු පිළිබඳවද විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් ඉදිරි දිනවල කෙරෙනු ඇති බවත්,  ඒ යටතේ ඉහළ නිලධාරීන්ගේ පුටු මාරුවක්ද සිදුවනු ඇති බවත් අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මත පදනම්ව ලංකාදීප වාර්තා කර ඇත.
 -lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka