gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාපති අනුරගේ මාස 09ක ධූර කාලය තුළ දුන් ජනාධිපති පොදු සමාවේ සඟවා බන්ධනාගාර නිලධාරීන් විසින් ජනපති සමාව නොලද සිරකරුවන් 212ක් නිදහස් කරලා..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මාස 09ක ධූර කාලය තුළ පමණක් ජනාධිපතිවරයා විසින් පිරිනමන ජනාධිපති සමාව අවභාවිතා කර එම සමාව නොලැබූ සිරකරුවන් 212 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් විසින් නිදහස් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

බන්ධනාගාර නිලධාරීන් සාහසික ලෙස නීතිය උල්ලංඝණය කරමින් මෙම සිකරුවන් 212 නිදහස් කර ඇත්තේ පසුගිය වසරේ නත්තල් දිනයට, මේ වසරේ නිදහස් දිනයට සහ ගෙවී ගිය වෙසක් දිනයට අදාලව ජනාධිපතිවරයා විසින්   ලබා දුන් පොදු සමාව  තුළ සඟවාය.

මෙම පිරිස නිදහස් කර ඇත්තේ  ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනපතිවරයාගේ අනුමැතිය ලද සිරකරුවන්ගේ ලේඛනයට පිටින් බවද එම විමර්ශනවලින් අනාවරණය වී තිබේ . බන්ධනාගාර නිලධාරීන්ගේ අභිමතය පරිදි ජනාධිපති සමාවට මුවා වී සිරකරුවන් නිදහස් කිරීමේ අපරාධය මේ ජනාධිපතිවරයා යටතේ පමණක් නොව, පසුගිය කාලයේ සිටි සෑම ජනාධිපතිවරයෙක් යටතේමස සිදු වී  ඇති බව ද  හෙළිදරවු වී තිබේ .

මේ ජනාධිපතිවරයා යටතේ.

වෙසක් දින නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබී ඇත්තේ සිරකරවන් 388ක් හෝ ඒ ආසන්න පිරිසකි.

නිදහස් දින ජනපති සමාවෙන් නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබී ඇත්තේ සිරකරුවන් 274 දෙනෙක් හෝ ඒ ආසන්න ප්‍රමාණයකි.

පසුගිය වසරේ දෙසැම්බර් 25 නන්තල් දින නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබී ඇත්තේ සිරකරුවන් 322 හෝ ඒ ආසන්න පිරිසකට පමණි.

මෙම පිරිසට අමතරව අනුමැතිය නොලද සිරකරුවන් මේ සෑම විශේෂිත දිනයකදීම නිදහස්කර ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇතැයි පොලිසියෙ ඉහළම නිලධාරියෙක් උපුටා දක්වමින් දිණමින පුවත්පත වාර්තා කර තිබේ. මේ දූෂිත ව්‍යාපෘතියට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇතැයි ද   දිනමිණ වාර්තා කර ඇත. අනීතික නිදහස් කළ සිරකරුවන් සම්බන්ධයෙන්   අධිකරණ අමාත්‍යාංශය විසින් නිශ්චිත පියවරක් ගැනීමට නියමිත බව එම නිලධාරියා සනාථ කර ඇත.

ඔහු ප්‍රකාශ කර  ඇත්තේ දැනට හෙළි වෙමින් ඇති තත්ත්වය අපේක්ෂා කරනවාට වඩා බෙහෙවින්ම බරපතල බවය. බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවී ඇති මේ අනීතික දූෂණ සම්බන්ධව අනිවාර්ය විධිමත් අධ්‍යයනයක් සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් හෝ ඒ හා සමාන බලය ඇති කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාවය ද පොලිසියේ ඉහලම නිලධාරීන් විසින් මේ වනවිට අවධාරණය කර ඇත.
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka