පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිටදි 25 වෙනිදා සවස පෞද්ගලික බස් රථ රියදුරෙකු පොලොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලය ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමෙන් පසු ඇති වූ ගැටුමකින් ඩිපෝ කළමනාකාරවරයා ඇතුළු පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
මාතර සිට පොළොන්නරුව ඩිපෝවට පැමිණෙන ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයට අතරමගදී පෞද්ගලික පන්ති යන සිසුන් හා සීසන් ලබාගත් පිරිස් පටවා ගෙන ඒම නිසා පෞද්ගලික බස් රථයට මගී ජනතාව අඩුවීම මෙම ගැටුමට හේතුව බවද පොලිසිය කියයි.
මාතර සිට පැමිණෙන බස් රථයේ ඩිපෝ කළමනාකාරවරයාද සිට ඇති අතර එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිට හරස් කරමින් පෞද්ගලික බස් රථ රියදුරා ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමත් සමග ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක් ද බස්රථ රියදුරුට සහ කොන්දොස්තරයාට පහරදීම දීමෙන් මෙම ගැටුම දුරදිග ගොස් ඇති බවද පොලිසිය පවසයි.
මෙම ගැටුමෙන් ඩිපෝ කළමනාකාරවරයා, කාර්මික නිලධාරියකු සහ, ඩිපෝවේ රියදුරු රෝහල් ගතවීමෙන් අනතුරුව පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාද පොළොන්නරුව රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ගන්නා බව පොලිසිය කියයි.
ඩිපෝ කළමනාකාරවරයාට, රියැදුරට සහ කාර්මික නිලධාරියාට පහරදීමත් සමග, ඊට විරෝධය පළ කරමින් සියලු බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ දුර ගමන් සේවා අතර ඩිපෝවේ බස් රථ 135 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන අතර පහරදීමට විරෝධය පළ කරමින් 26 වෙනිදා බස් රථ වර්ජනයක් ද සිදු කිරීමට කටයුතු කරන බව ඩිපෝවේ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.
පොළොන්නරුව ඩිපෝවා බස් රථ රැසක් මේ වනවිට ගාල්කර ප්‍රධාන ගේට්ටුව වසා සේවකයන්ගේ සහ බස් රථවල මෙන්ම දේපළවල ආරක්ෂාව පොලිසිය විසින් තහවුරු කර තිබේ.
-lankasara