මූලික අයිතිවාසිකම් කඩවුනා… මිලියන 100 වන්දියක් අය කර දෙන්න… පිල්ලෙයාන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි
සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තින්දුවට එරෙහිව ඔහු මෙම පෙත්සම ගොනු කර තිබේ.
තමන්ට සිය නීතිඥවරුන් හමුවීමට තිබෙන අවස්ථාව අවහිර කිරීම තුළින් සිය මූලික අයිතීන් කඩවන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් සිය මූලික අයිතීන් කඩවීම වෙනුවෙන් රුපියල් මිලියන සියයක වන්දියක් අය කර දෙන ලෙසත් පිල්ලෙයාන් සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සම තුළින් ඉල්ලා තිබේ.
මූලික අයිතිවාසිකම් කඩවුනා… මිලියන 100 වන්දියක් අය කර දෙන්න… පිල්ලෙයාන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි
2025-05-16T06:54:00+05:30
Gossip Lanka Hot News






