gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මිල වැඩියි.. අලෙවියක් නෑ... Aqua, Prius ආනයනය නවතා දමයි

බලාපොරොත්තු වූ තරම් වාහන ඉල්ලුමක් නොමැතිවීම මත මෝටර් රථ මාදිලි කිහිපයක් මෙරටට ආනයනය නවත්වා දමා ඇති බව වාර්තා වෙයි.

ඒ අතරින් ප්‍රධානතම මාදිලි වන්නේ ටොයොටා සමාගම නිෂ්පාදනය කරන ඇක්වා රථය සහ ප්‍රියස් මෝටර් රථයයි.

එම මෝටර් රථ නව බදු අනුපාත යන්තේ ඉතා ඉහල මිලක් නියම වීම මත වාහන ආනයනකරුවන් එම වාහන ආනයනය මේ වන විට අත්හිටුවා ඇත.

මධ්‍යම පාන්තික ජනතාවගේ වාහන ඉල්ලුම වැඩි විශාල වශයෙන් පහත බැස ඇත්තේ විශාල බදු අනුපාත හේතුවෙනි.

කෙසේ නමුත් වාහන මිල එතරම් නොසලකන ධනවත් සමාජ කණ්ඩායමක් විසින් වාහන සාමාන්‍ය පරිදි මිලදී ගැනීමෙන් තිබෙන සිටින අතර ඒ හේතුවෙන් සුඛෝපභෝගි මෝටර් රථය වැඩි වශයෙන් ආනයනය කරමින් සිටින බවද ආනයනකරුවන් කියා සිටිති.

ආනයනකරුවන්ද වැඩි අලෙවියක් සහිත වාහන ආනයනයට වැඩි නැඹුරුතාවයක් දක්වමින් සිටින අතර මධ්‍යම පාන්තිකයන් වැඩි වශයෙන් භාවිතා කරන වාහන ආනයනයට වැඩි එතරම් උනන්දුවක් නොදක්වති.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka