gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටීචර් අම්මා හයේෂිකා භාරවෙයි - නීතීඥවරු 25 ක බලැණියක් - උසාවිය ඉදිරියේ ජනතා උද්ඝෝෂණ

මීට සුලු මොහොතකට පෙර පොලිසියෙන් සැඟව සියි හයේෂිකා ප්‍රනාන්දු නොහොත් ටීචර් අම්මා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවි තිබෙනවා. විත්තිකාරිය වෙනුවේන පෙනිසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ සිය සේවාදායිකාව අධිකරණය භාර වු බවයි.

පසුගිය සතියේ තරුණයකුට පහර දීමේ චෝදනාවට සැකපිට සැකකාර හයේෂිකා ප්‍රනාන්දුගේ සැමියා හා ආයතන ප්‍රධානියා කටාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැණුනා.

පසුව අධිකරණ විසින් මෙම සැකකරුවන් ඊයේ (13) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

සැලකිය යුතු කරුණක් වන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සතියක කාලයක් ගත වී ඇතත්, ප්‍රධාන සැකකාරිණිය වන හයේෂිකා ප්‍රනාන්දු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් වීමයි. පොලිස් විමර්ශන කණ්ඩායම් තුනක් මෙම කාර්යය සඳහා යොදවා ඇතත්, ඇය සොයා ගැනීමට නොහැකි වී ඇත.
මේ අතර, අද දින මීගමුව අධිකරණයේදී සැකකාර ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී, හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් කිඹුලාපිටිය - ගල්මංකඩ ප්‍රදේශවාසීන් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්ද ආරම්භ කර තිබුණි. මෙම විරෝධතාවට පීඩාවට පත් තරුණයාගේ පාර්ශ්වයෙන් විශාල පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka