gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විඝණකාධිපතිකමට ජනාධිපතිගේ කැම්පස් එකේ හිටපු කෙනෙක්..? යෝජනාවට ව්‍යවස්ථා සභාව එකග නෑ!

පුරප්පාඩුව තිබෙන විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගනුම ලැබූ සමයේ ඔහුට පහළ වසරක ඉගනුම ලැබූ අයෙක් පත් කිරීමට සූදානමක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වසර පහක පමණ විගණන අධ්‍යක්ෂ පළපුරුද්දක් ඇති අයෙකු ඒ සඳහා පත් කිරීමට සූදානමක් ඇතැයිද අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද පැවසුවේ විගණකාධිපති සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා සිටිය දී ඒ සඳහා බාහිරින් පුද්ගලයෙකු පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවය.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විගණකාධිපති තනතුර සඳහා යොමු කරනු ලැබ තිබූ පෞද්ගලික අංශයේ විගණන ආයතනයක පුද්ගලයකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ දිනයේ එකඟතාවක් නොවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සලකා බැලීම අද දක්වා කල් තැබින.

රාජ්‍ය විගණන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල විගණකාධිපති ධුරයට පත් නොකර වෙනත් බාහිර පුද්ගලයකු පත්කිරීමට දැරෙන උත්සාහයට ජාතික විගණන කාර්යාල වෘත්තිය සමිති එකමුතුව දැඩි විරෝධයක් පළ කරමින් ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka