gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රත්තරං තුවක්කුවට දුමින්ද දිසානායක අත්අඩංගුවට.. අරක්කැමියා රජයේ සාක්‍ෂි වෙයි!

කොළඹ හැව්ලොක්සිටි සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක රන් ආලේපිත ටී 56 ගිනි අවියක් සඟවා තැබූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලනිප මහ ලේකම් හා හිටපු ඇමැති දුමින්ද දිසානායක අත්අඩංගුවට ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම ටී 56 අවිය හැව්ලොක්සිටි නිවස වෙත රැගෙන ගිය හිටපු ඇමැතිවරයාගේ අරක්කැමියා ද පොලිසිය මගින් පෙරේදා (23දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකාර අරක්කැමියා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙම අවිය හිටපු ඇමැතිවරයා විසින් තමාට ලබාදුන් බවය. එය හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ 19වැනි මහලේ පදිංචි 68 හැවිරිදි කාන්තාවට භාරදෙන ලෙස තමාට උපදෙස් දුන් බව ද සැකකරු ප්‍රකාශ කර තිබේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ත්‍රස්තවාදී විමර්ශන ඒකකය වෙත භාර දුන් බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේය.


විමර්ශන නිලධාරීන් පවසන අන්දමට මෙම ටී 56 අවිය කොටස් එකලස් කර නිෂ්පාදනය කළ එකකි. එහි අංග 4ක කොටස් ඇති අතර එම අවිය පිළිබඳව වාර්තාවක් ලබාදීමට රජයේ රස පරීක්ෂක වෙත භාර දී ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති දුමින්ද දිසානායකගේ අරක්කැමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගන්නා අතර ඉන් අනතුරුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා හිටපු ඇමැතිවරයා ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

විමර්ශනවලදී හෙළි වී ඇති අන්දමට මෙම ටී 56 අවිය හැව්ලොක්සිටි නිවාස සංකීර්ණය වෙත ගෙනැවිත් ඇත්තේ මීට මාස 06කට පමණ පෙරය. ඒ වර්තමාන රජය විසින් බලපත්‍රලාභීන්ගේ ගිනි අවි එකතු කිරීම ආරම්භ කිරීමෙන් පසුවය.

කෙසේ වෙතත් මෙම අවියට කිසිදු බලපත්‍රයක් හෝ එය ලබාගත් ස්ථානයක් පිළිබඳ තොරතුරක් නොමැති බව පොලිසිය පවසයි.

හැව්ලොක්සිටිහි පදිංචි 68 හැවිරිදි කාන්තාව දුමින්ද දිසානායකගේ පවුලේ හිතවතකු වන අතර ඒ හිතවත්කම මත මෙම අවිය සහිත බෑගය එහි සඟවා තැබීමට භාර දී තිබී ඇති බව ද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් මෙම කාන්තාව එම අවිය සහිත බෑගය භාරගෙන ඇත්තේ එය ටී 56 අවියක් බව නොදැන බව ද විමර්ශනවලින් හෙළි වී ඇත. එම අවිය සෙල්ලම් ආයුධයක් යැයි සිතා ඔවුන් නිවසේ තබාගෙන සිට ඇත.

මෙම 68 හැවිරිදි කාන්තාවගේ ලේලිය විසින් ටී 56 අවිය අතේ රැගෙන හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ සෝපානය අසල සිටියදී එය දැක ඇති ආරක්ෂක නිලධාරියකු එය පරීක්ෂා කර තිබේ.

එහිදී එම කාන්තාව පවසා ඇත්තේ මෙම අවිය සෙල්ලම් ගිනි අවියක් බවයි. එහෙත් අවිය ඉස්තරම් වර්ගයේ ටී 56 අවියක් බව හඳුනාගත් ආරක්ෂක නිලධාරියා ඒ බව පොලිසියට දැනුම් දීමෙන් පසු මෙහි සුලමුල අනාවරණය විය.

හේමන්ත රන්දුණු
Divaina
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka