gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුද්දයේදී මිය ගිය කොටින්ට විරුවන් යයි නති මං කියනවා.. මියගිය හමුදාවට රණ විරුවන් කියන්න 159 ආණ්ඩුවට කොන්ද පණ නෑ…- අර්චුනා

තිස් අවුරුද්දක් පැවති යුද්ධයේදී එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් සටන් කළ පිරිසත් එහි සාමාජිකයන්වත් තමන් නියෝජනය කරන ජනතාවට සහ තමාට විරුවන් බව පැවසීමට තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තමන් පැකිලෙන්නේ නැති බවත් යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාමනාදන් අර්චුනා පවසයි.

එහෙත් 159ක් වැනි විශාල පාර්ලිමේන්තු කණ්ඩායමක් සිටින වර්තමාන ආණ්ඩුවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සටන් කළ හමුදාව රණවිරුවන් බව පැවසීමට ශක්තියක් නැතිව කොන්ද පන නැතිව සිටින බවත් ඒ දුටු විට තමාටත් පුදුම සිතෙන බවත් හෙතෙම පැවසුවේය.

කොටි සංවිධානය දකුණට ත්‍රස්තවාදීන් වුව ද අවුරුදු 30ක් තිස්සේ ඔවුන් තම නායකයන් යැයි දෙමළ ජනතාව සිතූ බවත් ඒ නායකයන්ට දෙමළ ජනතාව තවමත් ගෞරවයෙන් සලකන බව ද ඔහු කියා සිටී.

ඊයේ  පාර්ලිමේන්තුව අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේය.

ඇමති සුනිල් හඳුන්නෙත්ති තමා උතුරේ ලුනු දකුණට ගෙන එ්මට එපා යැයි අභූත චෝදනාවක් කළ බවත් තමා ඉල්ලා සිටියේ උතුරේ ලුනු දකුණට ගෙනැවිත් කොම්පැණිකාරයන්ට විකුණා වැඩි මිලට ජනතාවට ලබා දීම වෙනුවට උතුරේම පැකට් කර අඩු මිලට ජනතාවට ලබා දෙන ලෙස බවත් හෙතෙම තව දුරටත් එහිදී කියා සිටියේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka