අගමැති හරිනිට එරෙහිව විශ්වාස භංගයක්..
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු යැයි විපක්‍ෂ අභ්‍යන්තරයේ කතාබහක් ඇති වී තිබේ.
පැවති පළාත් පාලන මැතිවරණයේදී ප්‍රචාරක කටයුතු අවසන් කර ගතවන නිහඬ කාලයේ දී ප්‍රචාරක කටයුතු දිගටම සිදු කිරීමට පාක්‍ෂිකයන් පොළඹවන ලෙස ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ යුතු බව විපක්‍ෂයේ මතය වී තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විපක්‍ෂයේ සියලු පක්‍ෂ සමග මෙන්ම සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද පුළුල් ලෙස සාකච්ඡා කළ යුතු යැයි සජබ ජ්‍යෙෂ්ඨයෙක්කීය.
අගමැතිවරිය සිදුකළ එම ප්‍රකාශය මගින් මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි ද ඇය ඉතා නරක පූර්වාදර්ශයක් එම ප්‍රකාශය තුළින් ලබාදුන් බව ද ඉහත ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය.
අකිත පෙරේරා
Divaina
අගමැති හරිනිට එරෙහිව විශ්වාස භංගයක්..
2025-05-11T16:47:00+05:30
Gossip Lanka Hot News






