රාජපක්‍ෂලාලේ ඩුබායි මැරියට් හෝටලය රජයට පවරා ගන්නැයි නාමල් දිවුරුම් ප‍්‍රකාශයක් දෙයි…
‘ඩුබායි මැරියට් හෝටලයක් අපිට තියෙනවා නම් රජයට පවරගන්න උගන්ඩා සල්ලි ගේන්නග. අපේ අයුතු ලෙස උපයාගත් ඕනෑම දේපළක් තියෙනව නම් ලෝකෙ කොහේ හරි ඒක රාජසන්තක කරලා අපේ ලංකා රජයට පවරගන්න’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා රජයෙන් ඉල්ලයි.
මාධ්‍ය අමතමින් ඔහු මේ බව සදහන් කලේය.
“ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හදපු බොරු ටිකනේ ඔය අනුර කුමාරලා කියන්නෙ. රනිල් දන්නවා අර කියපු ඩොලර් බිලියන 18 හොයන්න කිව්වොත් එහෙම එකක් නෑ කියලා රනිල් මහත්තයගෙ කටින්ම කියන්න වෙනවනෙ. හැබැයි ඉතින් රනිල් වික්‍රමසිංහගෙ කටින් ඩොලර් බිලියන 18ක් අපිට තියෙනවා කිව්වෙත් නෑ. නෑ කිව්වෙත් නෑ. ඒක අනුර කුමාර මහත්තයගෙ කටින්ම කියවලා දැන් අනුර කුමාර මහත්තයගෙ කටින්ම කියවනවා එහෙම දෙයක් නෑ කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නෙ ඉතාම සූක්ෂ්ම දක්ෂ දේශපාලනඥයෙක්. බොරුව හදලා සමාජගත කරන්න ජේවීපීය පාවිච්චි කළා. බොරුව ඇත්තක් විදිහට ඔප්පු කරන්න ගියොත් ඒක බොරුවක් කියලා ඔප්පු වෙනවා. ඉතින් ජේවීපීය තමන් කියපු බොරු ඇත්ත කියලා විශ්වාස කරලා ඒක ඔප්පු කරන්න ගිහිල්ලා මොකක්ද වුණේ.
දැනටත් මම ජනාධිපති අනුර කුමාර මහත්තයගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලන්නේ ඒ අපිට තියනවා කියපු ඩොලර් බිලියන දහඅට ගේන්න. ඩුබායි මැරියට් හෝටලයක් අපිට තියෙනවා නම් රජයට පවරගන්න. උගන්ඩා සල්ලි ගේන්න. අපේ අයුතු ලෙස උපයාගත් ඕනෑම දේපළක් තියෙනව නම් ලෝකෙ කොහේ හරි ඒක රාජසන්තක කරලා අපේ ලංකා රජයට පවරගන්න. ඒක ජනාධිපතිතුමාගෙන් මං කරන ඉල්ලීමක්. ඒකට දිවුරුම් ප්‍රකාශයක් මගෙන් ඕනෙ නම් මං එකක් දෙන්න ලෑස්තියි”
රාජපක්‍ෂලාලේ ඩුබායි මැරියට් හෝටලය රජයට පවරා ගන්නැයි නාමල් දිවුරුම් ප‍්‍රකාශයක් දෙයි…
2025-05-11T16:50:00+05:30
Gossip Lanka Hot News






