gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංවිම සභාපති ඉල්ලා අස්වේ.. දේශපාලන බලපෑම් දරන්න බෑලු…

ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ලංකා විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඊට අදාළ ලිපිය බලශක්තිය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවද සඳහන්ය.

ඔහු මෙසේ ධුරය හැර යාමට හේතුව බව පැවසෙන්නේ දේශපාලන අධිකාරිය විසින් සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් සහ මහජන උපයෝගීතාව කොමිෂන් සභාවේ පිරිවැයට සරිලන විදුලි ගාස්තු ක්‍රමය බවද සඳහන් වාර්තා වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දැනුම් දීම මත විදුලි ගාස්තුව 30% ක් ඉක්මවූ ප්‍රතිශතයකින් ඉහල දැමීමට විදුලි බල මණ්ඩලය මේ වන විටත් යෝජනා සකස් කර ඇත.

අදාළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමෙන් පසු එහි අනුමැතිය මත ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත.
-lankacnews
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka