gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගැරඩිඇල්ල බස් අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බව හෙලිවේ..

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි  පසුගිය (11) දින සිදු වූ අනතුරින් මිය ගිය 22 දෙදෙනාට පින් අනුමෝදන් කරමින් පහන් දැල්වීමේ වැඩසටහනක් හැටන් ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව (12) දින සිදු කරනු ලැබූවා. එම පිරිස ස්වේච්ඡාවෙන්ම  ඉදිරිපත් වී මල් ඉස පහන් දැල්වීම සිදු කරනු ලැබුවා.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් 40 නට ආසන්න පිරිසක් නුවරඑලිය, නාවලපිමිය, ගම්පොළ යන මූලික රෝහල් වල සහ පේරාදෙණිය, මහනුවර, යන ශික්ෂණ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, එම රෝගීන්ගෙන් කිහිප දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි නුවරඑලිය ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතා කියා සිටියේ.

අනතුරින් තුවාල ලැබූ බස් රථයේ කොන්දොස්තරවරයා ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත්, අනතුරින් පසු අස්ථානගත වූ බස් රථයේ ටිකට් පොත කොත්මලේ පොලිසිය විසින් සොයාගෙන ඇති බව කොත්මලේ පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක වජිර දේවප්‍රිය මහතා පැවසීය.
මේ අතර මෙම බස් අනතුර සිදු වී ඇත්තේ රියදුරාට නින්ද යෑම නිසා බව දැනට කරන ලද මූලික පරික්ෂණවලදී නුවරරලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය.

අප කල විමසුමකදී ජාලිය බණ්ඩාර මහතා වැඩි දුරටත් කියා සිටියේ “ බස් රථයේ කිසිදු කාර්මික දෝෂයක් අනතුරට හේතු වී නොමැති බවත්, බස් රථයෙ ආසන සංඛ්‍යාවට වඩා මගින් විශාල පිරිසක් බස් රථය තුල සිටගෙන යෑම නිසා බස් රථය අනතුරට පත් වූ අවස්ථාවේ විශාල පිරිසක් මිය ගොස් වැඩි පිරිසක් තුවාල ලැබීමට හේතු වූ බවයි”.

තවද බස් රථය අන්ත්‍රාදායක ලෙස ධාවනය කලේද යන්න පිලිබදව එම මාර්ගයේ ස්ථාන කිහිපයක සවිකර තිබු ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂකල බවත්, ඒ අනුව බස් රථය රියදුරා විසින් අන්ත්‍රාදායක ලෙස ධාවනය කර නොමැති බවට තහවුරු වු බවත්,  මෝටර් රථ පරික්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් එක්වි බස් අනතුර පිළිබදව විමර්ෂණයක් සිදුකර අවසන් නිගමනයට එළබෙන බවයි පරික්ෂකවරයා තව දුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka