Next ඇඟළුම් කර්මාන්ත ශාලාව වසා දැමීම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණයට උත්සාහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර චෝදනා කරයි.
“ෆැක්ට්‍රීස් වහන එක කඩින් කඩ සිද්ධ වෙන දෙයක්. ආයතන වහනවා, අරිනවා. ඒක මේ අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය කළ යුතු නෑ. මේ ආයතන වහන්නේ ඒ ආයතනවල තීරණ අනුව. කොග්ගල ගිය අවුරුද්දේ එකක් වැහුවා. ටික දවසකින් වෙන පිරිසක් ආයෙම පටන් ගත්තා.
මේක ආයෝජන ගලවා ගෙන යෑමක් නෙමෙයි. මේකට වෘත්තීය සමිති සම්බන්ධත් නෑ. ඒක වහන්න තීරණය කළා නම් ඒක ඒ ආයතනයේ ව්‍යාපාරික තීරණයක් මිස වෙන දෙයක් නෙමෙයි. මේක ලංකාවේ වහපු පළමු ආයතනයත් නෙමෙයි.”