gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සේමිණීගේ වරෙන්තු හංගලා තියෙන්නේ වැලිකඩ පොලිසියේ හිටපු කුප්‍රකට ස්ථානාධිපතිවරයා!

නඩු කීපයක් සඳහා අධිකරණය මගහරිමින් සිටි සේමිණී ඉද්දමල්ගොඩට අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තු හතක් සඟවාගෙන සිට ඇත්තේ   වැලිකඩ පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බවත් පුද්ගලික දැන හැඳුනුම්කම් මත ඔහු මෙසේ කටයුතු කර ඇති බවත්  පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මෙම වරෙන්තු හංගාගෙන සිටීම හේතුවෙන් කිසිම උපද්‍රවයකින් තොරව සේමිණී ඉද්දමල්ගොඩ දීර්ඝ කාලයක් තිස්සේ වරෙන්තු පිට සිට ඇති බව එම ආරංචි මාර්ග හෙළි කරයි.

අවසානයේ දී නුගේගොඩ අධිකරණය විසින් නුගේගොඩ කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයාට සහ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම වරෙන්තු සේමිණී ඉද්දමල්ගොඩ වෙත ලබා දීමට නොතීසි නිකුත් කර තිබේ.

පොලිසිය පවසන්නේ වැලිකඩ පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය ආණ්ඩුවේ විශේෂ දේශපාලන බලයක් සහිතව උසස් පොලිස් නිලධාරීන් පවා මායිම් නොකරමින් හැසිරුණ පුද්ගලයෙක් බවය. එවකට සිටි ප්‍රබල ඇමතිවරයෙකුගේ නියමයෙන් සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටි වැඩකාර කාන්තාව අත් අඩංගුවට ගන්නේත්, ඇය පොලිස් අත් අඩංගුවේ දී අබිරහස් ලෙස මිය යන්නේත් මේ පුද්ගලයා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාව සිටිය දී ය.

විසිපස් හැවිරිදි තරුණයෙකු වන සත්සර නිමේෂ්, වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී පසුගිය මාසයේ දී මිය යන විටත් මේ පුද්ගලයා වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාය.
අධිකරණ නියෝග පවා අවලමේ යවමින් සේමිණි ඉද්දමල්ගොඩගේ වරෙන්තුව සඟවා තබා ගෙන මාස ගණනාවක් සිටීමට මේ පුද්ගලයා කටයුතු කර ඇතැයි දැන් පොලිස් ආරංචි මාර්ග පවසයි. වාර්තාවන පරිදි සේමිණී ඉද්දමල්ගොඩ සම්බන්ධව වරේන්තු 7ක් ගංගොඩවිල උසාවියෙන් නිකුත් වී ඇති අතර වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම විරෙන්තු සඟවාගෙන සිට තිබේ.

අලුතින් පත් වී පැමිණි වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත උසාවි නියෝගය පැමිණි පසු සිදුවී ඇති දේ පැහැදිලි වී ඇති අතර සේමිණී ඉද්දමල්ගොඩගේ නිවසට වරෙන්තුව බාරදීමට ගොස් තිබුණ ද ඇය නිවසේ සිට නැත. මේ අතර ඊයේ ඇය වැලිකඩ පොලිසියට පැමිණෙන්නේ හදිසියේ රිය අනතුරක් පිළිබඳ පොලිස් පැමිණිල්ලක් කිරීමටය.

ඒ අවස්ථාවේ දී ඇය අත් අඩංගුවට ගැනීමට වැලිකඩ නව පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියමයෙන් සිදුවී තිබේ. සේමිණී ඉද්දමල්ගොඩ ගේ සැමියා ද පොලිසියට සම්බන්ධ පුද්ගලයෙක් බව වාර්තා වේ.
-lankasara
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka