gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැරදුන පක්ෂ එකතු වී පලාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න සාකච්ඡා ඇරඹීමත් සමග තනතුරු බලු පොරය පටන් අරන්..

ජාතික ජනබලවේගය විසින් සියයට පනහකට වඩා අඩුවෙන් මන්ත්‍රිධුර හිමිකරගත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවලට පොදු එකඟතාවයක් ඇතිකරගැනිමට නොහැකි තත්ත්වයක් උදාවි ඇති බැව් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතුවී බලය ලබා ගැනීමට හැකි පළාත් පාලන ආයතනවල තනතුරු බෙදාගැනීමේ දි විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර බලපොරයක් නිර්මාණය වී ඇති බවද එම පක්ෂවලට සම්බන්ද ආරංචිමාර්ග සඳහන් කරයි.


නගරාධිපති, උපනගරාධිපති, සභාපති හා උපසභාපති යන තනතුරු සඳහා මෙම බලපොරය නිර්මාණය වී ඇත. මැතිවරණයේ දී ජයග්‍රහණය කොට ඇති විපක්ෂයේ එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර පවා .තනතුරු ලබා ගැනීම සඳහා දැඩි තරගයක් නිර්මාණ වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතුවි බලය ලබා ගැනිමට හැකි පළාත් පාලන ආයතන විපක්ෂයේ පක්ෂ අතර බෙදාගැනීම සඳහා යෝජනාවක්ද ඉදිරිපත් වි ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශිය සභාවේ බලය ශ්‍රිලංකා පොදුජන පෙරමුණට සහ නෙළුව ප්‍රාදේශිය සභාවේ බලය සමගි ජන බලවේගයට බෙදාගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවද එම පක්ෂවලට සම්බන්ද ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්ත්‍රිධුර සඳහා සභිකයින් නම්කිරීමේ දී විපක්ෂයේ දේශපාලන පක්ෂවල ආසන සංවිධායකයින් ගැටලු රැසකට ලක්ව ඇත. පරාජිත අපේක්ෂකයින් සිය ඡන්ද ප්‍රතිශතය ඉදිරිපත් කරමින් මන්ත්‍රිධුර ලබා ගැනීම සඳහා ආසන සංවිධායකවරුන් පසු පස යාම නිසා මෙම තත්ත්වය උදාවි තිබේ.

පළාත් පාලන මැතිවරණයේ දි තනි පක්ෂයක් වශයෙන් වැඩිම මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත්තේ ජාතික ජනබලවේගය බවත් ඒ අනුව එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජාතික ජනබලවේගය විසින් කටයුතු කරන බැව් වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ පවසයි. මේ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ද සහතික කර ප්‍රකාශ කළේය.

විපක්ෂයේ අනිකුත් දේශපාලන පක්ෂ අතර තනතුරු බේදාගැනීම සදහා විශාල කුලල්කා ගැනිමක් ඇතිවි තිබෙන බව සඳහන් කළ නියෝජ්‍ය ඇමතිවරයා ඇතැම් විපක්ෂයේ මන්ත්‍රිවරු මාලිමාවේ වැඩපිළිවෙළ අනුමත කරමින් තම පක්ෂයට සහයෝගය ලබාදෙන බවට කැමැත්ත ප්‍රකාශකොට ඇති බවද පවසයි.

එම නිසා පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම සම්බන්දයෙන් කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැති බවද නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

-ලලිත් චාමින්ද
-lankasara
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka