gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

16 වසරකට ජම්පර ඇන්දු SM රංජිත් හා නෑනා ඇප ඉල්ලයි..

උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන්ට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ හිටපු ඇමැති එස්. එම්. චන්ද්‍රසේනගේ බිරිය වන ශාන්ති චන්ද්‍රසේන යන දෙපළ වෙනුවෙන් කොළඹ මහාධිකරණට ඇප ඉල්ලීමක් ඉදිරිපත් කෙරිණි.

විත්තිකරුවන් වෙනුවෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති අභියාචනයට යටත්ව කොළඹ මහාධිකරණයට මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් විය.

ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මෝසමක් මාර්ගයෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කළේය. ඇප අයැදුම්පත විභාගයට ගත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඒ සම්බන්ධයෙන් ලබන ජූනි 16දා කරුණු දක්වන ලෙස විත්තියට නියම කළේය.

මහ ඇමැතිවරයාට නීත්‍යනුකූලව හිමිවන ඉන්ධන දීමනාව වැටුප සමඟ ලබාදී තිබියදී ඉන්ධන දීමනාව ලෙස රුපියල් 26,80,528.10ක මුදලක් 2012- 2014 වසර දෙක සඳහා අයථා ලෙස ලබාගැනීම හා එයට අනුබල දීමේ චෝදනාව යටතේ අල්ලස් නඩුව ඉදිරිපත් විය.

උතුරු මැද හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ හිටපු ඇමැති එස්. එම්. චන්ද්‍රසේනගේ බිරිය වන ශාන්ති චන්ද්‍රසේන යන මෙම නඩුවේ විත්තිකරුවන් වේ.

දීර්ඝ නඩු විභාගයකින් පසු මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිතව වසර 16ක සිරදඬුවමක් හා අමතරව රුපියල් ලක්ෂ 2 බැගින් දඩ නියම කෙරිණි.

ගලෙන්බිඳුණුවැව, කැකිරාව පාරේ පදිංචි කේ. නිමල් විජේතිලක නම් තැනැත්තා සිය පුරවැසි හිමිකම අනුව 2015 වසරේ දී දූෂණ මර්දන කමිටුව මඟින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කිරීම සිදු විය.

චන්දන ජයවීර
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka